නික්ම යන්නට බෝ ළඟයි සුදු හාමිනේ මා දෙස බලන්..
මේ තරම් දුර එකට ආ මඟ හැර නොයනු මැන රත්තරන්..
හුස්ම පොද ඇද විඩාවෙන්නේ ඉන්න මන් ළඟ හැකිතරන්..
යන වෙලාවට එකට යමු අපි දෑත් අල්ලන් සමුඅරන්…
දුටුව දා සිට උඹට බැඳුනා වෙනතකට හිත නොතබලා..
පණ වගේ ආදරේ කළා අපි හිත බිඳක් වත් නොරිදලා..
උබට මමමයි මටද උඹමයි හිටියේ දුක සැප විමසලා..
ඉතින් මැණිකේ අපට යන්නට වෙලාවත් දැන් පැමිණිලා..
රැලි වැටුණු අත් තව සීතලයි නොවෙනස්ය පෙරදා වගේ..
සොඳුරු උඹ පණ නල අදින විට මගේ හුස්මද නෑ අගේ..
කඳුළු සලනට එපා මේ හැටි ඉඳිමි මැණිකේ මගේ..
පියාගමු අපි නෙතු පියන් එක විටක ඇද හුස්මක් දිගේ..