තාත්තියට-හරියට-වැඩ
Father and daughter laughing and bonding

තාත්තියට හරියට වැඩ කොයිවේලෙත් ගෙදරක නෑ..
උදේ බබා ඇහැරෙද්දිත් එයා ගිහින් කියලත් නෑ..
රෑට ගෙදර එනකොට වත් බබා දොයිනේ දන්නෙත් නෑ..
අද නම් මේ හොරගෙඩියට පැනලා යන්න දෙන්නෙත් නෑ.

ගෙදර වැඩත් ගොඩ ගැහිලා අම්මිට හරි මහන්සි ඇති..
මගේ පස්සෙන් දුවලා දුවලා අම්මිට හති වැටිලත් ඇති..
ඔයා මේවා ඔක්කොම ටික බලන් හොඳට ඉන්නවා ඇති..
අදවත් හුරතල් කර කර මගේ ළඟින් හිටියොත් ඇති.

ඔයා ළඟින් ඉන්න නිසා බබාට අද හරි සතුටුයි..
අම්මිට නම් මේ කෝළම් වැඩ දැකලා හරි පුරුදුයි..
තරහා යන්නේ නෑ දඟවැඩ දරා ඉන්න හැටි පුදුමයි..
දෝණිගේ ආදරේ කවදත් තාත්තියෝ ඔබ ළඟමයි..

කොන්ඩේ ඇදලා ඇඟේ නැගලා රිදුනද මගේ තාත්තියට..
ආදරේට එහෙම කළේ නොවෙයි හිතේ කේන්තියට..
අම්මි හොරෙන් බලන් ඉන්නේ හිනා වෙවි යාන්තමට..
හොඳයි නේද මගේ සෙල්ලම් ඔයාලගේ කාන්සියට..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here