කොඳ-මල්-සිතැත්ති

කොඳ මල් සිතැත්ති තරු එළියේ පිබිදෙනා..
සුවඳින් හිත බදා පෙම් රූ රටා මවනවා..
කෙළි ලෝල කම් මතින් නින්ද අහිමියි කියා..
ආදරෙන් ළඟ ඉන්න කියා හිත ගෙන ගියා…

නෙතු ඉමෙන් දුර ඈත සීත හිම කොදෙව්වේ..
සිහිල් පවනැල් එතුණු මල් තුහින දනව්වේ..
සොඳුරු මතකේ මැවෙන උන්මාද නිනව්වේ..
සිහිනයක් වී රැඳෙමි ඔබ ඉන්න ඉසව්වේ..

පාලු හිත් අරණේ හිඳ හුස්ම කිති කව කවා..
සියුමැලියේ නෙත් අගින් දොඩමලුයි ඔබ සිනා..
සඳ එළිය පරදවන රුවින් දිස්නය විදා..
සිරකරයි මා සිතත් වදන් වැල් ගොලුවෙලා..

ජීවිතේ මන් කියා සෙනෙහේ පුදදුන් ඔයා..
රිදෙන හැඬවෙන තැන්හි හිඳ මහද සැනසුවා…
පපු තුරේ හිස හොවා තුරුලේ ඉන්නම් සදා..
මිහිරි ආදර වදන් මුමුණන්න රැය පුරා…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here