ආදරේ කැදැල්ලේ පාලුව මකන්නට..
කිරි කැටි පුතෙකුගේ හුරතල් විඳින්නට..
පැතුමන් පොකුරු හිත මත ගුලි කරන්නට..
ආසයි මටත් අම්මෙක් වී හිඳින්නට..

මුල් ටික දොහේ කෑම කන්න බැරි වේවි..
කට හිරිවැටෙන ඇඹුලට හිත ලොල් වේවි..
හැම දෙන සෙනෙහසින් මා ළඟ වට වේවි..
මහත්තයෝ ආදරේ නුඹේ වැඩිවේවි..

දළදා සමිඳු වෙත පඬුරක් පුදා පැතූ..
සිරිමා බෝ සමිඳු පිහිටෙන් ලැබෙයි මතූ..
නිදුක් නිරෝගී දරුවෙක් නිතර සිතූ..
පෙරුම් පුරා මගේ කුසයට එන්න පුතූ..

සතුටු දිනක් එනතෙක් මා දින ගනිමි..
මවු පදවියේ හැම යුතුකම් ඉටු කරමි..
ලේ කිරි පොවා උණුහුම් තුරුලේ හොවමි..
අද හෙට දිනක පිළිසිඳිනට මා පතමි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here