වැඩියා-සඳෙන්-බැස-ආදර-සුර-කුමරූ

උණුහුම් වෙවි පීනා කුසගැබ සොඳුරු
කුළුදුල් හැඟුම් මිහිරී හිත තුළ ඇතිරූ
සෙනෙහස් ලෙයින් පිපිලා හද විල තඹරූ
වැඩියා සඳෙන් බැස ආදර සුර කුමරූ

දෙසිතේ හැඟුම් එක්වුණු තනුවකි මියුරූ
පිරිපුන් රුවක් පතමින් බුදු ගුණ මැතිරූ
හැම සෙත් බලෙන් මුව සිනහා කිරි ඉහිරූ
පුත නුඹ තමයි දිවියේ පින් කෙත මහරූ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here