පපුතුරේ හිස හොවා ඉන්නට..
සුවඳ හුස්මක හාදු දෙන්නට..
කොඳුරමින් ඔබ හා දොඩන්නට..
හැකිද ටිකකට ඇවිත් යන්නට..

සිනා මුව අග රන්දගෙන ඔබේ දෑස් දෙස හොරැහින් බලා..
මෙතෙක් නොකියු හිත කියන්නම් ඉන්න මා ළඟටම වෙලා..
මේ තරම් කොහේ තිබුනදෝ මේ ආදරේ අද රජවෙලා..
හුස්මකින්වත් දුරස් නොවනට ඉමු ඉතින් අපි ළන්වෙලා..

දකින හමුවන හෑම තැනකම පෙනෙන රුව ඔබ වාගේ නම්..
හමන සුළඟක දැනෙන සිසිලස ඔබේ සෙනේ සුව දේවි නම්..
තුරුලු වෙන්නට ළඟින් ඉන්නට හිත පෙරුම් දම් පුරයිනම්..
ආදරෙයි හඬගා කියන්නම් ඔබ අසා ගෙන හිදීනම්..

ජීවිතේ හැඩ පාට තවරා ඔබ දුන්නු සෙනෙහේ නමින්..
හිතින් වෙනතක නොයමි සත්තයි ළඟ ඉඳිමි දිවුරා පෙමින්..
ලොවම අවනත නැතත් ඉවසා දිනමු අපි ආදරේ හිමින්..
එක්වෙන්න පින් මදි උනොත් අපි එකට සමුගමු මේ ලොවින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here