ලොකු දෝණියේ හුස්මක් හැරගිය මොහොතේ
බල මියැදුනා හිත මිමිණූ සෙත් පිරිතේ
සිහිනය බිඳී සෝ සුසුමන් පිරි දෙනෙතේ
කඳුළැලි පමණි හසරැලි නැහැ මින් මනතේ
හැඩකම් පිරුණු සඳවත අවරින් මැකුනා
හදවත සෙනෙහේ කදුළින් සියවර හැඬුනා
මහගෙයි හරිම පාලුයි දූ නෑ දැනුනා
රන්කඳ නුඹත් එක්කම සතුටත් මැරුනා
උපදින හෑම අත් භවයක හමුවේවා
යලි දූ නමින් දුක් කරදර නොමවේවා
අහසේ තාරකාවක් වී බැබලේවා
සුදු දූ මැණික මගේ කුසයෙම ඉපදේවා