පුංචි කාලේ ඉඳ මාගේ හෙවනැල්ල
වෙලා ඉඳන් නිතරම කෙරු සැලකිල්ල
කොතෙක් දඟ කළත් ඔබේ නෑ පැමිණිල්ල
ඔබමයි උතුම් ආදර බර පවනැල්ල

උණු උණුවේ රස කර මට බත් කවලා..
සුවඳ උලා සුවසේ මා නිදි කරලා..
අම්මා වගේ යස ආදර බස් කියලා..
හැදුවේ නුඹයි රැකවරණේ ළඟ තියලා..

කිසිම දිනක ඔබ නැහැනේ ගුටි ඇන්නේ..
අඩුම ගානේ නෑ තරහෙන් මට බැන්නේ..
ලෙඩක් දුකක් හැදුනම කඳුළින් ඉන්නේ..
නින්දක් තියා කෑමක් වත් නෑ කන්නේ..

කරුණාවන්ත හිත ඔබගේ කිරි අම්මේ..
සිනා පිරුණු මුව රුව වඩවයි පෙම්මේ..
නිමා නොමැත ආදරයෙන් හිත නැම්මේ..
ඔබ නැති දාක මට පාලුයි අත්තම්මේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here