චූටි මැණිකේ අම්මිගේ පණ ඔයා තමයි..
ළඟින් ඉඳන් දැවටෙන කොට හිතට දුකයි…
මල්ලි බබා එන්නත් දැන් හුඟක් ළඟයි.
පුoචි ඔයා දුක් වෙයි දෝ හිතට බයයි..

රත්තරනේ ඔයාට තනි නොදැනෙන්න..
මල්ලි බබා එක්කන් එන්නම් ඉන්න..
අම්මි මල්ලී එක්ක කියා නොහඬන්න..
තුරුලු වෙවි අම්මිට හුරතල් වෙන්න..

රස බත් ගුලි අම්මි අනා කැව්වේ නැතත්.
උම්මා දිදි ළඟ ගුලි වී උන්නේ නැතත්..
උදේ හවස සෝදා නෑවෙවුවේ නැතත්..
තාත්ති ඉඳී දෝණි ළඟින් අම්මි නැතත්..

මගේ දූ ලොකුයි දැන් අම්මිට බය නෑනේ..
හොඳ දූ මගේ දඟ නොකරම ඉන්නෝනේ..
කොතෙක් ඉවසුවත් හිත ඉහිලුම් නෑනේ..
දෝතින් වඩා ආදරේ කෙරුමට ඕනේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here