හුළඟකින්-පවා-දැන්-හුස්ම-ගිණිගන්නවා

හුළඟකින් පවා දැන් හුස්ම ගිණිගන්නවා
උණුවෙලා දැවෙන රළු පොලොව පා දවනවා
බඩට කෑමක් නැතේ දිය පොදක් හොයනවා
අනේ අපි අසරණයි ගොඩාක් දුක දැනෙනවා

අප්පච්චි පිච්චිලා තාම අළු තියෙනවා
යන්න බෑ උඹ දමා හිත කීරි ගැහෙනවා
බයවෙන්න කාරි නෑ පුතේ මම ඉන්නවා
තියෙන තුරු පණ මගේ උඹව මා රකිනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here