කොච්චර-වත්-දඟ-වැඩමයි

කොච්චර වත් දඟ වැඩමයි මම එයාගේ යාළුවාලු.
සෙල්ලමටම හිත ආසයි මටත් වඩා පොඩි බබාලු..
ඇඩෙව්වොතින් චුට්ටක් හරි අම්මි ගොඩාක් බනිනවාලු..
හිනාවකින් මුව සරසා ඔහු ඒවා ඉවසුවාලු..

වැඩට ගියත් දහපාරක් කෝල් කරනවා දවසට..
ඉවසිල්ලක් නෑ දුවගෙන එන්නේ ගෙදරට හවසට.
අයිති කරන් බබාගේ වැඩ ටික කරන්නේ ඔහු හරියට..
ආදරෙයිලු බබාට ඔහු අහසේ ගෑවෙනා තරමට..

නෑ බෑ නොකියා නිතරම එන්නේ බරටම අරගෙන..
ගෙට එන්නෙත් ඔහු හැමදා බබාට කොහොමද අහගෙන..
කෑම බීමවත් ගානක් නෑ ලඟටම වී ඉඳගෙන..
කෝළම් කරනවා සෙල්ලම් බඩු ඔක්කොම වට කරගෙන..

ඉනට අදින නැපිය අරන් ඔලුව වටේ ගැටගහලා..
ඇන්දුවොතින් හෝදලා මා ක්‍රීම් බෝතලේ හලලා..
හුරතල් නම් බයානකයි අල්ලයි මා උඩ දමලා..
මේ දඟයගේ වැඩ හින්දම බබාගේ ලෝකෙම පිරිලා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here