පෙරුම්පු-රා-දොතට-මගේ-වැඩියාදෝ

පෙරුම් පුරා දොතට මගේ වැඩියාදෝ..
නව මාසයක් කුසයේ සුව වින්දාදෝ..
මව් පදවියට අරුතක් ඔබ දුන්නාදෝ..
ගුලිවී ළමැදේ කිරි සුවඳක් සෙව්වාදෝ..

අහරින් කුසය පිරුනත් නොපිරුනත් පුතේ..
කිරි බිඳු එරෙයි රතු ලේ උණු කරන් ගතේ..
මගේ ආදරේ හැම නහරෙක රැඳී ඇතේ..
අහස උසයි රැඳි සෙනෙහේ උඹට හිතේ..

ඔතරම් රසද අම්මගේ කිරි සුදු පුතුනේ..
එල්ලී උරා බොන දෙතොලේ රස දෙතනේ..
යන එන මගක වුව අපහසු නෑ දැනුනේ..
කුස පුරවන්න මයි පුතුනේ මට හිතුනේ..

ආදරේ උතුරනා පපුවෙන් එන රුහිරු..
හැම රෝගයක් ඇතිවෙන ඒ මන් ඇහිරු..
නුහුරුයි උඹට උරනා තන් පුඩු පිපිරු..
කම්නෑ ඉවසමින් පුරවමි කුස කුමරු..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here