ඉන්න විට ඔබ ළඟ රැඳී හිතට නොදැනුනු ආදරේ..
වෙන්ව ගිය පසු කෙසේ දැනුනිද නෙත් කෙවෙනි කඳුළින් පිරේ..
සොයා ආමුත් ඔබේ සෙනෙහස මා නොවේ මායිම් කරේ..
දරාගනු බෑ අහිම් සෙනෙහේ මා හිතින් නොමැරි මැරේ..
ළඟින් ඉඳිමින් පෑව සෙනෙහේ සුවඳ හිත මත නොනැවති..
ඔබගේ දසුනින් වෙන්ව යන්නට මමත් ඉක්මන් වෙන්නැති..
පහද පහදා කොතෙක් කීවත් ඔබට දුක් මම දෙන්නැති..
දුන්නු දුක හිත හිරකරන් ඔබ මෙලොව හැරදා යන්නැති..
පාලු සොහොන් කොත හිස ගසා මා අයදිමි ඔබගෙන් කමා..
තේරෙනා විට ඔබගේ සෙනෙහේ දුර ගොසින් ඔබ මා දමා..
දඬුවමද මේ රිදුම් දෙන්නේ නොවෙයි කිසිවිට මට සමා..
රැගෙන යනු මේ හුස්ම අවුදින් ඇයිද ඔබ තවමත් පමා..