සුපුන්-සඳට-පුළුවන්-නම්

සුපුන් සඳට පුළුවන් නම් කලුවර රෑ එළි කරන්න…
නෙලුම් මලට පුළුවන් නම් මඩ ගොහොරක පිපී ඉන්න..
හන්සයාට පුළුවන් නම් කිරෙන් දියර වෙන් කරන්න..
යහපත් හිතකින් හැමදා ලෝකය වෙත නෙත් යොමන්න..

ලොකු ලොකු දේ අවැසි නොවෙයි සැනසුම හිත මත තියන්න..
එක සිතුවිල්ලක් ඇති වෙයි දුක් ගින්නක් නිවාලන්න..
හැමවිට හැමදෙන වෙනුවෙන් ආදරයක් බෙදාදෙන්න..
සිනහව හුරු නැති හිතකට හිනාවෙන්න කියා දෙන්න..

උස් මිටි කම් ඉවත දමා සම සිතකින් ලොව දකින්න..
දුකින් අඳුරු වූ ලෝකය සැනෙන් සොඳුරු කර දමන්න..
මිනිසුන් ලෙස ලොව ඉපදී මිනිසුන් ලෙස මිය ඇදෙන්න..
කරුණාවෙන් පමා නොවි මොහොතක් මේ ගැන හිතන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here