සිනහා-කතා-ආදරයෙන්-ගෙවුණු-අතීතේ

සිනහා කතා ආදරයෙන් ගෙවුණු අතීතේ..
සිහිවන විට කඳුළු පිරෙයි නිතර මේ හිතේ..
වෙනස් වෙලා දුරස් උනත් තරහවක් නැතේ..
තවම නොදැනුනේ කිම මගේ හදවතේ රතේ..

 ඔබට දුකක් නොම දී මම ඈතින් ඉන්නම්..
 හිතේ පිරුණු සොඳුරු මතක නිතර සිඹින්නම්..
 ඇමතුමකින් පවා ඔබට නපුරක් වේ නම්..
 තවත් කතා නොකරම මම වෙන්වී යන්නම්..

 කෙදිනක හෝ දැනුනොත් යළි මා අමතන්න..
 හුස්ම රැඳී තිබුණොත් ඒ ඇමතුම ගන්න..
 හැකි උනොතින් ඔබ හට මේ හිත හඳුනන්න..
 දුකක් නොදී පෙර ලෙසටම මා ළඟ ඉන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here