ඔබේ-නාමෙන්-ඉපදුනා-යළි

ඔබේ නාමෙන් ඉපදුනා යළි කියා දෙනු මැන ආදරේ.. 
දුරින් හිඳිමින් මිහිර විඳිමි මියෙන තුරු වෙනසක් නොවේ…
හිරුට පෙම් බැඳි සඳ ලෙසින් හිමිකම් නොකියු තරු කැට ලෙසේ..
නොනිමි සෙනෙහේ පුදකරන්නම් මගේ නොවුනට කම් නැතේ..

 මටත් නැති මගේ හිත අරන් නුඹ ළඟින් රඳවන් ආදරෙන්..
 බලා ඉන්නා බව දනිමි නෙතු දකින තුරු හුස්මට ළඟින්…
 පතන පැතුමන් එක් කරයි නම් අපේ හිත් මල් මේ ලෙසින්..
 කඳුළු කුමටද අපේ අතරට බලා ඉමු මොහොතක් ඉතින්..

 දෑත් අල්ලන් ඇවිදයන්නට සොඳුරු මිටියාවත් පුරා..
 සුවඳ කෙහෙරැළි මුදා ඉන්නේ උදුර ගන්නද හිත හොරා..
 දෑස් නොපියා බලා ඉන්නම් සුදු මුහුණ හුස්මක් නොලා..
 මිහිරියේ දුර නොයනු මැන මේ සිහිනයෙන් මා යලි මුදා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here