ලියන්නට ජීවිතේ මිහිරි වූ පෙම් කවිය..
පෙරුම් පිරුවා නිබඳ ඔබට පවරා දිවිය..
සොඳුරුතම ආදරේ අරුත කී සඳවතිය..
පායන්නේ නෑ මහද අඳුරු අහසක් වැනිය..
ඔබෙ හීන මගේ හීන එක මඟක නෑ කියා..
පුදදුන්නු ආදරේ හිස්තැනක් සොය සොයා..
මුළු හිතින් ආදරේ කළත් පණ සේ තියා..
අකීකරු ඔය හිතම දුකක් දී දුර ගියා..
තවම ඔබෙ මතකයන් නිතර සිහි මැවෙන්නේ..
කෙලෙස හිත තනිකළේ තැවි තැවී හිතන්නේ..
මා නැතත් කොහේ හෝ නුඹ හොඳින් හිඳින්නේ..
ඔබෙ සතුට ගැන පමණි හිතින් පෙම් බඳින්නේ..
මල් තුහින මීදුමින් දැනෙන සීතල දරන්..
පාළුවත් තනිකමත් හිත් අගට ගුලිකරන්..
නොකියාම දැනෙන දුක නෙතු අතර හිරකරන්..
පියමනිමි තනිවෙන්න ඔබෙන් මා සමුඅරන්..