ඇයි මේ කඳුළු අද මට හන්ගන්න බැරි..
මෙතෙක් කලක් හිත පතුලේ තියා දැරි..
සුදු දුවේ ලස්සනයි අදනම් උඹත් හරි..
දුව යන නිසා වැටිලා මගේ හිතම හිරි..
තැලි පිළි පළන්දා මගේ පොඩි මනාලියේ..
අප හැරදමා යනවද අද සිදාදියේ..
නෙතු අද්දරින් උණු කඳුළක් ගලාගියේ..
සෙනහස නිසයි මගේ හුරතල් දයාවියේ..
අම්මා වගේ අනලා බත් කැවුවේ නැතත්.
හැම විට තිබුනේ උඹ ගාවයි මගේ හිතත්..
අසනීපව දූ හිටියොත් ලෙඩින් ගතත්..
වැටුනා වගෙයි මුල් ඉදිරි මගේ ලොවත්..
මවු කුසයට පුංචි දෝණි ආ පසුවත්..
මමත් රජෙකි ආඩම්බරයෙන් ඔපවත්..
නළවන්නට කියු ගී නැතුවද රසවත්..
බලන් හිටියේ නොගසා නුඹ ඇසිපියවත්..
අම්මා වගේ ආදරේ නෑ අප්පච්චි..
කියන විටදි යනවා මගේ හිත පිච්චි..
ආදරේ බර දන්නේ නෑ නේ උඹ පුංචි..
පෙන්නුවෙ නැතත් හිත නිතරම උණු වෙච්චි..
රත්තරනේ මගේ ලෝකය එළිය කෙරූ..
උඹ පමණයි මගේ දෙනෙතේ පහන තරූ..
අවසන් හුස්ම කවදා හරි හෙලන තුරූ..
දුව නැති ලොවක් අප්පච්චිට නෑනේ හුරූ..