ඉරිතැලුණු-පෙම්-හීන

ඉරිතැලුණු පෙම් හීන කඳුළු මත වියැකිලා..
දැවෙන හදවත ළඟින් හුස්ම පොද ගොලුවෙලා..
ආදරෙන් හිත පතපු පැතුම් මල් මැලවිලා..
පාලුවක් ළඟින් අද ජීවිතේ නැවතිලා..

සන්තකව තිබුණු හැම දෙයම ගෙන ආදරෙන්..
නොකියාම දුර ඈත ගියේ කෙලෙස මේ ලෙසින්..
මට මමත් නෑ සුසුම් වැල් පිරුණු ජීවිතෙන්..
කෙලෙසකින් සැනසෙම්ද ඔබ නැතුව මා ළඟින්..

මියැදෙන්න තරමින්ම බිඳී තැලුනම හීන..
අඳුරු අහසට සමයි නැති ලෙසක හඳපාන..
නොහැඟුනත් නුඹට මා පෑ සෙනේ අභිමාන..
නුඹ අහිමි නම් කුමට ජීවිතේ සම්මාන..

යන්තමට වත් නොකී හේතු මා මඟ හැරුණු….
නපුරු රිදුමන් පමණි ඉතිරි හද ගැබ අකුණු..
මෙතෙක් ළන් වී ගෙතූ මතක කවි පද මැකුණු..
දරනු බැරි එකම දුක ජීවිතේටම දැනුණු..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here