අම්මිගේ-හුරතල්-වැඩ-නම්

අම්මිගේ හුරතල් වැඩ නම් ඔහොමයි වස්තූ..
අපි දෙන්නගේ පිට පුරාම නහවලා තොත්තූ..
දඟකාරයි මේ ලොබකම් ඇය බැඳ ගතතූ..
පණ වාගෙලු එයාට අපි දෙන්නම පුත්තූ

උදේ ඉඳන් රෑ වෙනකල් නිවනක් නැත්තේ..
චුට්ටක්වත් නෑ අම්මියා විවේක ගත්තේ..
මුවේ සතුට සිනහව පුරවාගෙන ඇත්තේ..
අපි හින්දාමයි කවදත් ඒ හිත මත්තේ.. 

මහන්සියක් නෑ වාගේ දවසෙම ඔහොම..
යුතුකම් ටික ඉටු කරනවා ඒකයි පුදුම..
ඇහුවොත් නම් කියාවි ඇය හිනැහී මෙහෙම..
එහෙම තමයි අම්මෙකුගේ ආදරේ තරම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here