පිණිබිදු-සියපත-සිප-ගන්නා-සේ

පිණිබිදු සියපත..
සිප ගන්නා සේ..
තරුමල් හිනැහෙයි..
සඳවත පහසේ..
දුව දඟ කරනා..
පා පොඩි සිතුසේ..
නෙතු හිනැහෙනවා..
නොදැනිම රහසේ..

දැවටී සියොළඟ..
නුඹ හැමතිස්සේ..
හුරතල් පාමින්..
නැලවෙයි රිසිසේ..
ආදරයම පුරවන..
පණ විලසේ..
දේදුන්නයි නුඹ..
මගේ හිත් අහසේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here