හැම-හිනාවක-සතුට-කැන්දු

හැම හිනාවක සතුට කැන්දු සෙනෙහේ උල්පත නුඹ තමයි..
උපන්දා සිට තුරුළේ හොවමින් පෙවු දයා මහමෙර සමයි..
අදත් හෙටටත් දිනන මාවත සොයා යන්නේ නුඹ නිසයි..
ආදරේ රස පිරෙන ලොවුතුරු සුවඳ මදනල මට නුඹයි..

සෙත් කවිය සේ දෙවා ආසිරි වෙලී වත්තම් කළ පිනයි..
කළත් තරවටු සැනෙන් නිවෙනා කඳුළු සඟවන තරු නෙතයි..
ගියත් දෑඟිලි බැඳී තුරුළින් ඈත් නොවෙමී සත්තමයි..
අම්මේ දෝණිගේ හිත නිවෙන්නේ හෑමදාකම නුඹේ ළඟයි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here