සිරියාව-උතුරනා-පුංචි-හුරතල්-මුවේ

සිරියාව උතුරනා..
පුංචි හුරතල් මුවේ..
සඳ මලක් පරදනා..
මහිම පිරුනා රුවේ..
දැනෙන දුක් වේදනා..
හිනාවක් ලඟ නිවේ..
පිනෙන් දූ මැණිකගේ..
සතුට ලැබුනා ලොවේ..

පැතුම් පිරවී හදේ..
සිහින මාලිග මැවේ..
දඟකාර ආදරේ..
ගෙනේ මිහිරිම සුවේ..
සම්පතයි දිවිමගේ..
කිරුළු හිස පැලදුවේ..
නුඹ නිසයි ජීවිතේ..
මේ තරම් හැඩ දුවේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here