මගේ-දුවේ-අප්පච්චිට-උඹත්-නැති

මගේ දුවේ අප්පච්චිට උඹත් නැති..
දුකින් හඬයි ඉකිබිඳ මා හිතත් නිති..
අම්මා ගියත් වෙන හිතකට පෙමින් එති..
එක මොහොතක් උඹ දැක මියැදුනත් ඇති..

වෙන්කර පුoචි දූ අරගෙන මටත් හොරෙන්..
අම්මා ගියේ වෙන්වී මා දමා සොවින්..
අනේ දුවේ නුඹවත් හිටියොතින් ළඟින්..
හුස්ම රැඳෙයි අප්පච්චිගේ හිතේ අගින්..

අත්තම්මා සීයා එක්ක දුව සතුටින් ..
පාසැල් වැඩ කරනවාද ඉඳ නිදුකින්..
නොදැක උඹේ මොළකැටි  මුව ගොඩ කලකින්..
හිනාවෙන්නේ කොහොමද මම දුවේ ඉතින්..

දුරින් ඉඳන් නුඹේ සුවඳට හිත තියලා..
මගේ දුවේ ආදරේ පපුවෙම පිරිලා..
නුඹ ආවොත් කෙදිනක හෝ මා සොයලා..
දෙන්නම් දුවේ රතු ලේ මගේ කිරි කරලා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here