අන්ඳා-ඔසරි-බැඳ-තැලි-පිළි-රනින්-පිරී

අන්ඳා ඔසරි බැඳ තැලි පිළි රනින් පිරී..
පිරිපුන් වතත් පිoබර සඳ උවන සරී..
කියාගන්න බැරි හැඟුමන් මෙතෙක් දැරී..
නුඹ යන දුකට මේ හදවත පැලෙයි ඉරී..

බාලවියේ හිඳ හුරතල් දෝණි මගේ..
රැක්කේ නුඹව වටිනා මුතු මැණික් වගේ..
සිහිවන විටදි අදටත් ඒ මතක ඇගේ..
කඳුළු උනයි රහසේ නෙතු පියන් දිගේ..

පෝරුව මතට නoවන්නට වාරු නැතී..
නොකියුවාට උඹටත් ලොකු දුකක් ඇතී..
පිරිතක් ලෙසින් මතුරන සුභ පැතුම් එතී..
ලැබෙයි දුවේ තුන්සරණේ පිහිට නිතී..

පාලු දැනෙයි මට මහ ගේ පුරාවට..
දූ ළඟ නෑනේ හෙට එළිවෙන වෙලාවට..
උරුමය එයයි හැම දුවකගේ කතාවට..
සඟවමි සුසුම් එක්වෙමි නුඹේ සිනාවට ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here