Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

පින් පුරනා සිදුහත් 

හැරයන්න දහසක් හේතු ඇතුවත් මා ළඟින් රැඳෙනා..මට එපා වූ මගේ ලෝකය තනන්නට හදනා..හිනා වී මා දරා සිටියත් කඳුළු ඇති වැටෙනා..නුඹත් සිදුහත් කෙනෙක් වේමැයි මතු නිවන් පතනා ..එක්ව එක මග යනෙන ආදරවන්තයන් පිරි මාවතේ..ගතින් අසරණ වෙලා මා හැඩ අඩු කළා ඔබේ ජීවිතේ ..එහෙත් පසුපස නිතර රැඳෙනා ඔබයි ආදර මාරුතේ..දැල්වෙනා අවසන් පැතුම ඔබ තමයි තවමත් මා නෙතේ..තාලයක් නැති පදවැලක් සේ ලියු තැන මග නතරවී..අකීකරු මා හැඟුම් දුටුවත් නැතේ කිසිවිට උරනවී..කාලයෙන් ඉඩ ඉල්ලලා මා නිතර හැඬුවත් බොළඳවී..තුරුලු කර හිටියා නොවෙද මා බිඳක් වත් ඔබ නොසෙල්වී..තැලී පොඩිවී ගිහින් පැතුමන් ජීවිතේ පැරදී..ඉවසනා හැටි හීනයක් මට මේ තරම් උරදී..මේ ලෙසින් වත්තම් කරද්දී කුමරුනේ පණදී..ආයේ ආසයි ඇවිද යන්නට ඔබ නම්න් ඉපදි..