Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

පටලවන් ඇඟිලි පොඩි නගන පා යුග මුදූ

පටලවන් ඇඟිලි පොඩි නගන පා යුග මුදූ..දිලිසෙනා මුව කමල පිපුණු නෙළුමක් බඳු..ළමාසාරිය හැඩයි අම්මි නුඹටම හැදූ..සාදු වඳිනට අපිත් යමුද පන්සල් සුදූ..ගිය මාසේ පෝයටත් පන්සලට දන් උයන්..මතකයිද අපි ආවා අම්මියත් එක්කරන්..මල්ලී ඇවිදින් ඇගේ අයිතියම දැන් අරන්..ඉවරයක් නෑ ඇයට දුවේ ඉස්සර තරන්..අත්තම්මා සිල් අරන් ඇති පෝය හින්දාම..සතුටකින් හිත පිරෙයි දූ කොමළි දැක්කාම..තෙල් මල් හඳුන්කූරු ගෙන ගාථා කියුවාම..මගේ දූට පිo පිරෙයි බුදු සාදු වැන්දාම..අම්මිවයි මල්ලිවයි මතකයට අර ගමූ..බුදුන් වැඳ ඊළඟට  දෙවියන්ට පිo දෙමූ..බෝ සෙවනේ සිසිලසේ බිඳක් නැවතී ඉමූ..ආයේ දවසක මෙහෙම දුවේ පන්සල් එමූ..