Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

හබුන් කටක් හපලා කන්න පුතාට කිරි දත් ඇවිදින්

හබුන් කටක් හපලා කන්න පුතාට කිරි දත් ඇවිදින්..විරිත්තනවා ලොක්කා වගේ චූටි පතුරු දත් හයකින් ..අකමැත්තෙන් කෑ බෙරි බත් අහකට විසිවෙයි මතකෙන්..අලුත් කටක් ලැබිලා වගේ එයා ඉන්නේ හරි සතුටින් ..උරා බොන්න කිරි ටිකවත් සිහියක් නෑ හපන්නමයි..අහුවෙන හැම දේ අහුලා ගන්නේ කටට දමන්නමයි..සුව නින්දෙත් සිහින බලා දත් මිටි ගැට ගහන්නමයි..මේ දඟයට ඕනේ මොකද උනේ කියලා බලන්නමයි..රස වැටිලා මී පැණියට රිදෙනවාලු විදුරුමහත්..කෙඳිරි ගගා ඉල්ලනවා අඩුවක් නෑ කපටිකමත්..ඉඟි කරනවා පැටලි පැටලි වචන අරන් කතාවටත්..මගේ පුතේ එළිය වැටිලා උඹේ ලස්සන හිනාවටත්..චූටි පැටියෝ දත් ආවට කිරි සුදු මුතු කැට ගානට..තව පොඩ්ඩක් ලොකු වෙනකොට හැලේවි එක දෙක තාලෙට..පණිවිඩයක් දෙමු හනිකේ එතකොට නම් අපි ලේනට..මේවා රස මතක නේද නුඹගේ හුරතල් බාලෙට..