No posts to display

Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

පුoචි හැඩකාරයෙක් සිහිනයට  ළන්වුනා

පුoචි හැඩකාරයෙක් සිහිනයට ළන්වුනා..අකීකරු තරු නෙතින් ආදරේ වෑහුනා..දුකට හුරු වූ හිතට වසන්තය යාවුනා ..හුස්මකට තුරුලු වී ජීවිතේ හිනැහුනා..පමාවී හමුවුනත් අහම්බෙන් අපි අපිට ..සිහිල් දිය බිඳ ඔබයි පිණි ඉහින හිත් මලට..නිමාවූ පෙම් කවක දුක් සුසුම් පිරි හිතට..පැතුම් පොද උනා යළි දිරි දෙමින් මා පණට..කෙරූ දඟකාරකම් ඔබේ මා පිළිඅරන්..සතුටින්ම දින ගෙවුනා වැරදි නිවැරැදි කරන්..මගේ ලොවම ඔබ වෙද්දී සුභ පැතූ නෑසියන්..වෙන්වෙන්න දැන් කියයි පොරොන්දම් පටලවන්..මේ තරම් සෙනෙහසින් හිද ඔබගේ තුරුලේම ..වෙන්වෙන්න බෑ බිඳක් හිත රැදෙයි කඳුළේම..කෑ ගසා කියන්නද ඔබ මගේ හැමදෙයම..ඉතින් අපි අපේ වෙමු විශ්වයට රහසේම ..