Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

ලොවීනා

පල්ලැක්කියෙන් බට තෙත සළු ඇඟලාන..කොකුම් සඳුන් රත් තොල් ළැම සරසාන..මදු සඳ පොකුණු රති රැඟුමින් ගුගුරාන..පුරඟන කැකුළ හිරිඔත් බිඳි රජිඳාන..සක්මන් කරන මලුවේ නෙත් දැවටිල්ලේ..පෙම් බැඳි කුලවමිය ලියු කවි සැනසිල්ලේ..දැහැනින් රමණ සුවඳැති දුම් මැතිරිල්ලේ..විලිවැද දෙදෙරුවා දුමනය වැලපිල්ලේ..පරංගියෙකි හැඩරුව රත්‍ත්‍රන් ලෙසිනේ..උරුමෙන් රොඩී නාඹර තුණු රූ මැවුනේ..රැඟුමක ආල හිත ගෝමරියට බැඳුණේ..රහසින් නුරා සක්මන් උමඟක රැඳුණේ..සනහස් පෙමින් උතියා තුරුලේ වෙලිලා..සුදු පෙන රැලිති කලතා සිඳුරළ නැගිලා ..තාමත් ගොම්මනේ ඉකිලන හඬ ඇහිලා ..කිරිඅත්තම්මා ඒවී ලොවීනා හොයලා..