මෙහෙනියක් වී සසර කතරින් එතෙර වන්නට හිත ළැදී..තුරුනු හිත ළඟ කෙලෙස් දම් නෑ තවත් ආසාවෙන් බැඳී..මුඩු කරන්නට හිසද එකඟව නිවි සැනහී මා හිඳී..හිත තුට්න් සැනසෙන්න අම්මේ නෙතට උණු කඳුළක් නොදී..මකන්නට පෙර මතක අපහසු උනත් මියැදී යන්න බෑ..කුඩා කල සිට දෑස මෙන් රැකි මා පියන් හඬවන්න බෑ..තවත් හිතකට සෙනෙහේ පාමින් යළිත් වර රැවටෙන්න බෑ..මෙයයි ළන්වුනු සතුට සැනසුම එයින් යළි මගහැරෙනු බෑ..මෙතෙක් හිත දැවු වේදනාවන් කඳුළු වී යළි බර නොවේ..නිවුණු සිතුවිලි නිමා කරවයි ඉතිරි පවු විදි පෙර භවේ..විශාකාවක් ලෙසට දැනෙනා උතුම් මෙත් සිසිලේ සුවේ..සිල් මවක් වී දැහැන් ගතවෙමි බුදු හිමිගේ පා අභිමුවේ..