Home එකතු පිය සෙනෙහස

පිය සෙනෙහස

Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

වරක් නොව තව සිය දහස්වර නුඹම සිහියට නැගෙනවා

වරක් නොව තව සිය දහස්වර නුඹම සිහියට නැගෙනවා..අදහාගන්නට තවම බෑ මට නුඹේ සෙවනැලි පෙනෙනවා..නොසිතු මොහොතක අපව හැරදා ගියත් උණුහුම තියෙනවා..තාත්තේ ඔබ නොමැති පාලුව හුඟක්  දෝණිට දැනෙනවා..වෙනදා වාගේ උපන්දිනයට සුභ පැතුම් දුන් හාදු නෑ..උදෑසන මා අවදිවන විට සවනේ නුඹේ හඬ වැකුණේ නෑ..පැතූ පැතුමන් සැබෑ කර මා දිනන දින ඔබ ළඟින් නෑ..කඳුළු මිස ඔබේ දෝණි ගාවින් තාත්තේ දැන් සතුට නෑ..අම්මා එක්කලා මා රකින්නට නුඹේ ආසිරි යළිත් දෙන්න..යනෙන මාවත මගේ ගාවින් අනේ හෙවනැලි මවා ඉන්න..නිවාලන්නට හිතේ ඉකිලන දුකට සැනසුම් සුසුම් ගන්න..තාත්තේ දෝණිගේ සිහිනෙට හෑමදා නුඹ ඇවිත් යන්න..