Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

ලොවක් බිහිකළ උතුම් දෙවඟන

ලොවක් බිහිකළ උතුම් දෙවඟන නමින් මල් පාවඩ එලා..සොහෝයුරියකි මිතුරියකි ඇය දෙස බලන් පිවිතුරු නෙත් හෙලා..තම පුතුට ජීවය තැනු සෙනෙහසින් බිරිඳක් නම් වෙලා..ඉතින් ගෞරව පුදකරනු මැන ළඳට පහනක් දල්වලා.. උපන් දෙවොලට නිගා නොකරන් මිනිසුනේ කිසිවිටකදි..ලොවේ සියුමැලි ළඳුන් නැතිනම් නොවේ හුස්මක් ළඟ රැඳී..බුදුන් පුදනා ලෙසට සමනම් මවු ගුණය පණ මෙන් බැඳී..ආදරෙන් රැකගන්න මහතුනි කිසිවිටක අතවර නොදි.. ලොවම එකලෙස වෙන්කෙරූවත් සමරන්න ළඳුනගේ දිනේ..සෑමදාකම පුදනු හැකිනම් එයයි යුතුකම මිනිසුනේ..වදනකින්වත් පවක් නොකරන් ඇයයි දෙවියන් සමවුනේ..නපුරු නොමවෙන් ආදරෙන් නිති සුරකින්න ළලනා ගුණේ.. මවු කිරෙන් ජීවය උරා හැඩි දැඩි උනානම් මතකයේ..තියා ගනුමැන කතට හිමි තැන මියෙන තුරු ඔබ චිතකයේ..මෙතෙක් නොසිතා සිටියා නම් ඔබ සිතන්නට තව කල්තියේ..උත්තරීතර කතුන් නමටම කවි මලක් පිපුනා ළයේ..