Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

විවාහක දුවට අම්මාගෙන්

හිතුනත් උඹව ඇවිදින් බලලා යන්න නිදහස නෑනේ පෙර මෙන් දුවලා එන්න උඹ මට තාම පුංචියි ලොකු නෑ ඔන්න එන්නම් විගහ මගේ දූ නාඬා ඉන්න කටහඬ නොමැති මහ ගේ පාලුව පුපුරානුඹ නැති මතක මැවුනා කඳුළැලි උතුරාඅනේ මගේ ගිරවියේ හුළඟට මතුරාපනිවිඩ තියාපන් හුරතල් හඬ කොඳුරා තනියෙන් කොහොම වැඩ ටික නුඹ කරගන්නේ කටට රහට කෑමද කුස පුරවන්නේලෙඩට දුකට නෑ අම්මා ලඟ ඉන්නේ මගේ පණ ඒකමයි මේ හිත ඇවිලෙන්නේ කොච්චර වෙහෙස වින්දත් මම එක දිගට කොස්සක් දෙන්නවත් ලෝබයි උඹේ අතටඑන්නට ඇහැකි නම් වැඩ පල කර යසටඋඹ රැකගන්නේ මම මැණිකක් සේ නෙතට අහස ගුගුරවා වැසි වැටෙනා වේලේදනිමි ගැහෙන හැටි බිය වී නුඹ බාලේනොදැනිම දෑත් බැඳ බුදුකුටියට සාලේදූ ගැන හිත හිතයි ගෙවුනේ මගේ කාලේ නොදැනිම කාලේ දු නොදැකම ගත වෙන්නේ දිවි බර තමයි කාටත් එය පොදු වැන්නේඋඹටත් දිනක මවු පදවිය හිමිවන්නේඑතකල් ඉවසමින් නිදුකින් සැනසෙන්නේ