Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

එකම මිනිසත් කුලේ දෙපිලක අපේ දස්කම් ලියැවිලා

එකම මිනිසත් කුලේ දෙපිලක අපේ දස්කම් ලියැවිලා..හැල්මේ දුවනා හීන තරඟෙක තියේ පායුග පැටලිලා..දිනාගන්නට උන්ගේ අභිමන් ඉදී දිරි දී වටවෙලා..වැරදුනත් පැතු පැතුම් සේරම මිතුරු දම් නෑ පැරදිලා..විටක ජය තව විටක පැරදුම උරුම නම් ජීවිතයට..එකම අරමුණු අරන් ආවත් පිල් බෙදී අපි තරඟෙට..දිනක බැබලෙන දිනක බැසයන කීර්තිය බැඳි කරවට..හෙලූ දහඩිය පමණි උරුවම් නැවතුනේ නෑ මතකෙට..හෙලා පොරයට ජයට ඔල්වරසන් දිදී සතුටින් නටා..කිරුළ ගිලිහී අහිමිවෙද්දී කොහෙද හිටි උන් අප වටා..ඉතින් කුමකට බිඳුනු හිත් ගෙන තරහා වී ගෙන ඇන කොටා..එක්ව හිනැහී හිඳිමු නොමියේ දිවිමගේ ඇඳි රූ රටා..