Home වර්ගීකරණය නොකළ

වර්ගීකරණය නොකළ

Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

ගොරව ගොරව කියවන හීනෙක පැටලී

ගොරව ගොරව කියවන හීනෙක පැටලී..තාත්ති වගේ පුතුනත් නිදියයි පෙරලී..නෙතු පිය හැරෙන උදයේ මා හිත ඇලලී..පිපුනා ආදරේ සියුමැලි මල් පියළි.. මහත්තයෝ ඔබ දුන් සෙනෙහේ තිලිණ..රටක් වටිනවා පණ මෙන් මා රකින..ඔයා වගේමයි සුදු පුතු හැඩ රුවින..ඉතින් මෙයම නොවෙදෝ මා පැතු සිහින.. රසවිඳ ගනිමි තව තව බලමින් සොදුරූ..දැක මේ දසුන මා හිත පිරවෙන අයුරූ..හිතුනත් බිඳින්නට සැතපෙන සුව පවුරූ..ලෝබයි දකින විට නිදනා සුර කුමරූ.. මේ සුභ දසුන හැම දින මා පිනවන්නේ..ඇහිපිය නොලා බිඳුවක් මා නවතන්නේ..පිය රජු කුමරු හා සුවසේ සැතපෙන්නේ..දෙදෙනා නිසයි මා සතුටින් සැනසෙන්නේ..